Terms and Conditions

  1. අප විසින් පළකරන් ලබන්නේ ශ්‍රී ලාංකීය රෝමානු කතෝලික විවාහ මංගල දැන්වීම් යෝජනා පමණකි.
  2. දැනට පළකර ඇති විවාහ යෝජනා නැරඹීමට සමාජිකයෙක් විය යුතු අතර සමාජිකයෙක් වීමට තමන්ගේ මංගල දැන්වීම මෙම වෙබ් අඩවියේ පළකල යුතුවේ.
  3. සෑම විවාහ මංගල යෝජනාවක් සමගම අදාල සාමාජිකයාගේ පැහැදිලි පින්තූරයක් පළකල යුතුවේ. පින්තූර නොමැතිව දර්ශණය වන මංගල යෝජනා පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
  4. සෑම මංගල දැන්වීමක්ම පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව පළකරනු ලැබේ. ඒ සදහා අප ඉල්ලූ වට ජාතික හැදුනුම්පත් පිටපතක්, රියදුරු බලපත්‍ර පිටපතක් හෝ පාස්පෝට් පිටපතක් ඉදිරිපත් කර සනාථ කල යුතුවේ.
  5. දුරකථන අංකය ලබාදීමේදී  නිතර වැඩකරන දුරකථන අංකයක් ලබාදීමට යොමුවිය යුතුවේ. හැකිනම් WhatsApp පහසුකම සහිත ජංගම දුරකථන අංකයක් ලබාදීමට කාරුණික වන්න.
  6. වෙබ් අඩවියේ ලියාපදිංචිය 100%ක් නොමිලේ සිදුකෙරෙන අතර විවාහ මංගල දැන්වීම ඔබට පළකරගත යුතු කාලසීමාවට අදාලව පමණක් මුදලක් අයකෙරේ.
  7. වෙබ් අඩවිය තුලින් අප මංගල යෝජනා පළකිරීම පමණක් සිදුකරන අතර ගැලපෙන සහකාරිය හෝ සහකරුවා සොයාගැනීමේ වගකීම දැන්වීම් පළකරන පාර්ශවය සතුවේ.
  8. මංගල යෝජනාව ඉදිරිපත් කිරීමේදී සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට යොමුවිය යුතුවේ.
  9. තොරාගත් පැකේජයක් සදහා මුදල් ගෙවීම Online ආකාරයෙන් සිදුකල යුතුවේ. ඒ සදහා අපහසුතාවක් ඇති අයෙක් වෙතොත් අප අමතා මුදල් තැන්පත් කිරීම සදහා බැංකු ගිණුම් අංකයක් ලබාගත හැකියි.
  10. මුදල් ගෙවීමෙන් පසු කිසි ලෙසකින් මංගල දැන්වීම අක්‍රීය කර මුදල් ආපසු ලබාදීමක් සිදු නොකරයි.
  11. හැකි සෑම විටම වෙබ් අඩවිය වෙත පිවිස නව විවාහ යෝජනා මෙන්ම තමන්ට වෙනත් අයගෙන් පණිවිඩ ලැබී ඇත්දැයි පරීක්ෂාකිරීමේ වගකීම ඔබ සතුවේ.
  12. මංගල දැන්වීමේ ආදාල කරුනු තමන්ට අවශ්‍ය ඔනෑම විටකදි වෙනස් කල හැකි අතර එකිනෙක නොගැලපෙන හො සැක සහිත වෙනස් කම් සිදුකර ඇත්නම් මංගල දැන්වීම තාවකාලිකව අක්‍රීය කර ඒ පිළිබදව වෙබ් අඩවිය විසින් කරුණු සොයා බලනු ඇත. නිසි විභාගයකින් පසුව නැවත දෝෂ රහිතනම් මංගල දැන්වීම සක්‍රීය වනු ඇත. වැරදි තොරතුරු ඇතුලත් කර ඇත්නම් ගිණුම අක්‍රීය කර ඉවත් කර දමනු ලැබේ. එහිදී මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරයි.‍
  13. අන් අයට ප්‍රිය ලෙසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු හා ඔබගේ ඡායාරූපය යාවත් කාලීන කොට තබාගැනීමට කාරුණික වන්න‍.
  14. තමන්ට වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබෙන පණිවිඩ සියල්ලටම හැකි සෑම විටම පිළිතුරු ලබාදීමට කාරුණික වන්න. නොගැලපෙන අයෙක් නම් ඒ බව පැහැදිලිව දන්වන්න.
  15. අන් අයට කරදරයක් නොවන ලෙසින් එකිනෙකා සමගින් පණිවිඩ හුවමාරු කරගත යුතුයි
  16. ඇතුලත් කරනු ලබන සියළු ඡායාරුප පැහැදිලි ඒවා විය යුතුයි
  17. අපැහැදිලි හා බොදකරන ලද ඡායාරූප ඉවත් කරනු ලැබේ.
  18. උපරිම ඡායාරූප 5ක් එක් සාමාජිකයෙකුට ඇතුලත් කල හැකියි.
  19. පැහැදිලිව මුහුණ දර්ශණය වනසේ එක් ඡායාරූපයක්වත් ඇතුලත් කරන්න‍
  20. උපරිම ධාරිතාවය 5MB ප්‍රමාණයේ ඡායාරූප පමනක් ඇතුලත් කල හැකි අතර ඊට වැඩි ඡායාරූප ප්‍රතික්ෂේප වේ.
  21. මසකට වරක්වත් ඔබගේ ඡායාරූපය මාරු කිරම ඉක්මන් ප්‍රතිඵල ගෙනදීමට හේතුවේ.
  22. සාවද්‍ය තොරතුරු සැපයීම ගිණුමක් අත්හිටුවීමට බලපාන ප්‍රධාන හේතුව වේ.
  23. අන් අයට හිරිහැර වෙන ආකාරයෙන් පණිවිට යැවීම හා වෙබ් අඩවියේ කටයුතු කිරීම පෙර දැනුම් දීමක් සිදුකර එය තවදුරටත් සිදුවන්නේ නම් ගිණුම අක්‍රීය කිරීමට හේතුවිය හැකියි.
  24. වෙබ් අඩවියේ තමන්ගේ Username හා Password වෙනත් පුද්ගලයන්ගේ අතට පත්කල බව හැගුණ හොත් ඔබගේ ගිණුම අක්‍රීය කිරීමට අදාල බලය වෙබ් අඩවිය සතුවේ.
  25. වෙබ් අඩවියේ මංගල යෝජනාවක් පළකල පසු ස්ව කැමැත්තෙන් එය අවශ්‍ය ඔනෑම විටක අක්‍රීය කිරීමට අයිතිය ඔබට ඇති අතර එලෙස අක්‍රීය කරන ලද මංගල දැන්වීම් යලි පළ නොකෙරේ
  26. මංගල යෝජනාව සම්පූර්ණයෙන් වෙබ් අඩවියෙන් මකා දැමීම හෝ එළෙස මකා දමන ලෙස ලිඛිතව හෝ වාචිකව වෙබ් අඩවි කළමණාකාරිත්වය වෙත පැවසීමේ වගකීම ඔබ සතුවේ.
  27. වෙබ් අඩවියේ Username and Password වෙනත් අයෙක් අතට පත්කරලීම ඔබගේ ගිණුම අක්‍රීය කරවීමට සෘජු හේතුවක් වන අතර එළෙසින් අක්‍රීය කලහොත් නැවත එම දැන්වීම පළ කරනු නොලැබේ.
  28. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට ලේඛණයක් ඉල්ලා සිටීමට හෝ දේවස්ථාන භාර පියතුමාගෙන් ලිපියක් ලබාගැනීමට වෙබ් අඩවි කළමණාකාරිත්වයට පූර්ණ බලයක් ඇත.